මන්ත්‍රීවරියක අනවශ්‍ය ලෙස ස්පර්ශ කළ බවට ඔස්ට්‍රේලියා කැබිනට් ඇමතිවරයෙක් ට චෝදනාවක්

ඔස්ට්‍රේලියානු රජයේ කැබිනට් අමාත්‍යවරයෙක් තමාව අනවශ්‍ය ලෙස ස්පර්ශ කළ බවට එරට හිටපු මන්ත්‍රීවරියක් චෝදනා කරයි.

ජුලියා බෑන්ක්ස් පවසන්නේ එම අමාත්‍යවරයා තවමත් අමාත්‍ය මණ්ඩලයේ සිටින බවය.

එම සිදුවීම 2017 වසරේදී පාර්ලිමේන්තුව තුළදී සිදුවූ බව ඇය ලිඛිතව දන්වා තිබේ.

පාර්ලිමේන්තුවේ රාත්‍රී කාලයේ සිදුකළ ඡන්ද විමසීමක් අතරතුර එම අමාත්‍යවරයා තමාගේ පාදයක් අනවශ්‍ය ලෙස ස්පර්ශ කළ බව සිය ලිපියෙන් ඇය චෝදනා කළාය.

එම චෝදනාව සම්බන්ධයෙන් ඔවුන් මීට පෙර දැන නොසිටිය බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.

“එවැනි හැසිරීමක් සම්පූර්ණයෙන් නුසුදුසු දෙයක්,” එහි දැක්වේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »