වික්ටෝරියා කොවිඩ් ආසාධිතයන් නොමැති සතියක් වාර්තා කරයි / Lockdown සීමා හෙට සිට ලිහිල් ? – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා කොවිඩ් ආසාධිතයන් නොමැති සතියක් වාර්තා කරයි / Lockdown සීමා හෙට සිට ලිහිල් ?

වික්ටෝරියා කොවිඩ් ආසාධිතයන් නොමැති සතියක් වාර්තා කරයි / Lockdown සීමා හෙට සිට ලිහිල් ?

වික්ටෝරියා ප්‍රාන්තය තුළ අඛණ්ඩව 07 වන දිනයටත් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැත.

ඊයේ දිනයේදී පරීක්ෂණ 27,498 ක් සිදුකර ඇති අතර දැනට සක්‍රීයව සිටින ආසාධිතයන් ගණන 24 කි.

පසුගිය සතිය පුරා සමාජ සම්ප්‍රේෂණයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා නොවීම හමුවේ ප්‍රාන්තයේ දැනට ක්‍රියාත්මක Lockdown සීමා ද තවදුරටත් ලිහිල් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් අද දහවල් වනවිට ලැබීමට නියමිතය.

දැනට බලාත්මක Lockdown රෙගුලාසී හෙට රාත්‍රී 12 ට අවසන්වීමටයි නියමිතව ඇත්තේ.