Day: July 5, 2021

පිට පිට 05 වන දිනටත් වික්ටෝරියාවෙන් කොවිඩ් ආසාධිතයන් නෑ / NSW – 35 ක් | QLD – 04 ක්

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 35 දෙනෙකු වාර්තා වී තිබේ. ඉන් 24 දෙනෙකු වෛරස ආසාධිත කාලය පුරා නිරෝධායනයේ සිට ඇති නමුත් 07 දෙනෙකු සමාජයේ සැරිසරා ඇතැයි හෙළිවී ඇත. ඊයේ දිනය පුරා සිදුකල පරීක්ෂණ 58,000 ක් අතුරින් මෙම ආසාධිතයන් හමුවූ බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ කියාසිටියේ. මේ අතර ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී තවත් ආසාධිතයන් 04 දෙනෙකු හමුවී තිබේ. ඔවුන් සියලුදෙනා පෙර ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බව හඳුනාගෙන ඇත. මෙම සියලු දෙනාට

Read More »

ශෛල්‍යකර්මයක් සඳහා පාප් වහන්සේ රෝහල්ගත කෙරේ

මහා බඩවැල ප්‍රදේශයේ ශෛල්‍යකර්මයක් සඳහා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කර තිබේ. වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේ ඉරිදා දේව මෙහෙය පැවැත්වීමෙන් පසුවයි උන්වහන්සේ රෝහලට ඇතුලුවී ඇත්තේ. මෙය හදිසි රෝහල්ගත කිරීමක් නොවන අතර පාප් වහන්සේගේ තත්වය බරපතල නැතැයිද වතිකාන වාර්තා සඳහන් කලා. 2013 වසරේදී මෙම තනතුරට පත්වීමෙන් පසු උන්වහන්සේ කල් තියා දැනුවත් කර රෝහල්ගතවූ පළමු අවස්ථාව මෙයයි. තමා ලබන සැප්තැම්බර් මාසයේදී ස්ලොවැකියාවේ සහ හංගේරියාවේ සංචාරය කරන බවද දේව මෙහෙයේදී උන්වහන්සේ කියාසිටියා.

Read More »

2022 තෙක් ඔස්ටේ‍රලියාවේ පාසල් සිසුන්ට කොවිඩ් එන්නත නොලැබෙන ළකුණු

2022 වසර වන තෙක් ඔස්ටේ‍රලියාවේ පාසල් සිසුන්ට කොවිඩ් එන්නත ලබා දීමට නොහැකි වනු ඇති බවට අනාවැකි පළවනවා. දැනට මෙරට වයස අවුරුදු 16 ට වැඩි ඕනෑම අයෙකුට ෆයිසර් එන්නතද 18 ට වැඩි ඕනෑම අයෙකුට ඇස්ට්‍රා-සෙනෙකා එන්නතද ලබාදීමට අනුමැතිය හිමිවී ඇත. එහෙත් පවතින එන්නත් හිගය හමුවේ ළමුන්ට දීමට තරම් එන්නත් නොමැති බවයි නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිළධාරී මහාචාර්ය මයිකල් කිඩ් සඳහන් කලේ. එමෙන්ම ළමුන් සඳහා පමණක් ඉදිරයේදී වෙනත් එන්නතක් නිපදවනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බවද ඔහු ප්‍රකාශ කලා. කෙසේවෙතත්

Read More »

සනත් – ඩිල්ෂාන් – තරංග සමග අනූෂත් Mulgrave ක්‍රිකට් සමාජයට

2021/22 තරග සමය සඳහා Mulgrave ක්‍රිකට් සමාජයේ නව සහය පුහුණුකරු ලෙස අනුෂ සමරනායක ගිවිසුම් අත්සන් කර තිබේ. ඔහු 2000 – 2015 දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසද කටයුතු කලේය. ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර වැනි වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ඔපමට්ටම් කරනු ලැබුවේද අනුෂ සමරනායක විසිනි. මේ අනුව Mulgrave ක්‍රිකට් සමාජයේ ඉහළ තනතුරු 04 ක ශ්‍රී ලාංකිකයන් සිටීම විශේෂත්වයක්. සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ලෙස සිටින අතර ටී එම් ඩිල්ශාන් සහ උපුල් තරංග

Read More »