ශෛල්‍යකර්මයක් සඳහා පාප් වහන්සේ රෝහල්ගත කෙරේ

මහා බඩවැල ප්‍රදේශයේ ශෛල්‍යකර්මයක් සඳහා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කර තිබේ.

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේ ඉරිදා දේව මෙහෙය පැවැත්වීමෙන් පසුවයි උන්වහන්සේ රෝහලට ඇතුලුවී ඇත්තේ.

මෙය හදිසි රෝහල්ගත කිරීමක් නොවන අතර පාප් වහන්සේගේ තත්වය බරපතල නැතැයිද වතිකාන වාර්තා සඳහන් කලා.

2013 වසරේදී මෙම තනතුරට පත්වීමෙන් පසු උන්වහන්සේ කල් තියා දැනුවත් කර රෝහල්ගතවූ පළමු අවස්ථාව මෙයයි.

තමා ලබන සැප්තැම්බර් මාසයේදී ස්ලොවැකියාවේ සහ හංගේරියාවේ සංචාරය කරන බවද දේව මෙහෙයේදී උන්වහන්සේ කියාසිටියා.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »