Day: June 11, 2021

මෙල්බර්න් හි Bundoora, Heidelberg සහ Thomastown ප්‍රදේශවල ස්ථාන කිහිපයක් අවධානම් ලැයිස්තුවට

වික්ටෝරියා ප්‍රාන්තයේ Pascoe Vale, Scoresby සහ Vermont ප්‍රදේශයන්හි අපජලයේ තිබී කොරෝන වෛරස කොටස් හමුව තිබේ. එමෙන්ම පසුගිය 28 වැනිදා සිට ජුනි මස 7 වැනිදා දක්වා කොරෝනා ආසාදිතයින් ගමන් කල බවට හඳුනාගත් මෙල්බර්න් හි Bundoora, Heidelberg සහ Thomastown ප්‍රදේශ වල අවදානම් ස්ථාන හඳුනාගෙන තිබේ. Heidelberg Warringal Shopping Centre හි Coles Bundoora Square shopping Centre හි Coles Thomastown හි McDonald’s drive-through Epping හි Gami Chicken & Beer අප ජලයේ තිබී වෛරස් කොටස් හමුවූ පහත ප්‍රදේශවල ජනතාවට අවධානයෙන්

Read More »

ගතවූ පැය 24 දී වික්ටෝරියාවෙන් කිසිදු ආසාධිතයෙකු නෑ – දේශ සීමා ඇරීම තවත් කල් යනු ඇතැයි ඉගියක්

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැති බව ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. Lockdown සීමා ලිහිල් කිරීමෙන් පසු පළමු දිනය අදයි. මේ අනුව මෙල්බර්න් කොවිඩ් පොකුර තවදුරටත් 88 ක් ලෙසම පවතිනු ඇති. https://twitter.com/VicGovDH/status/1403120157711605764?s=20 මේ අතර ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා තවදුරටත් වසා තබන බව අගමැති ස්කොට් මොරිසන් යළිත් අවධාරණය කලා. රටේ එන්නත් ලබාදී ඇති සංඛ්‍යාව සාපේක්ෂව අඩු වුවද ඉහළ එන්නත්කරණයක් ඇති රටවලින් ඔස්ටේ්‍රලියාවට වඩා දෛනික කොවිඩ් ආසාධිතයන් හමුවන බවයි ඔහු සඳහන් කලේ. අගමැතිවරයාගේ

Read More »

ශ්‍රී ලංකා රජය ඔස්ටේ්‍රලියාවෙනුත් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ඉල්ලයි

ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ඔස්ටේ්‍රලියාවෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පිළිබඳව ධනාත්මකව සළකා බලන බවයි විදේශ අමාත්‍ය මරිස් පේන්වි, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට සහතිකවී ඇත්තේ. දෙපාර්ශවය අතර පැවති දුරකථන සංවාදයකදී මෙම අදහස් පළවී තිබෙනවා. කොවිඩ්19 වසංගතය හේතුවෙන් ඇති වූ අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඔස්ටේ්‍රලියාව ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී කෘතඥතාව පළ කල බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක සඳහන්. ලබන වසරේ අප්‍රේල් මාසයේ

Read More »

වික්ටෝරියා නැගෙනහිරට දරුණු ජල ගැලීම්

වික්ටෝරියා ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශයට බලපා ඇති දරුණු ජල ගැලීම් තත්වය හේතුවෙන් අවධානම් ප්‍රදේශවලින් පුද්ගලයන් විශාල පිරිසක් ඊයේ රාත්‍රියේදී ඉවත් කෙරුණා. Traralgon ප්‍රදේශයේ පදිංචිකරුවන් එලෙස වහා ඉවත් කර ඇති අතර Avon සහ Thomson යන ගංගා අසල පදිංචිකරුවන්ට අවධානයෙන් පසුවනලෙසටයි දැනුම් දී ඇත්තේ. Gippsland ප්‍රදේශයේ තිබී ජල ගැලීම්වලට හසුවූ මෝටර් රථයක සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක්ද හමුවිය. ඊයේ රාත්‍රිය වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලයන් 160,000 කට පමණ විදුලිය ඇණහිට තිබිණ. එය යථා තත්වයට පත් කිරීමට දින 03 ක් පමණ ගතවිය හැකි

Read More »

“ඩෙල්ටා ප්‍රභේදය ඔස්ට්‍රේලියාවට ගෙන ගිය පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු නොවේ”

පසුගියදා ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නගරයෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියකු හරහා නව කොවිඩ් ප්‍රභේදය පැතිරවූ බවට වාර්තා වූ පුද්ගලයා ශ්‍රී ලංකාව තුළට පැමිණි පුද්ගලයෙකු නොවන බවත් ලංකාව හරහා එරටට ගිය පුද්ගලයෙකු බවට තොරතුරු වාර්තා වී ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර අනාවරණය කළා. මෙල්බර්න් නුවරින් පසුගිය දා හමුවූ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් පැමිණි පුද්ගලයෙකුගෙන් සම්ප්‍රේෂණය වී ඇති බව එරට බලධාරීන් පැවසීය. නමුත් වෛද්‍ය චන්දිම ජීවන්දර පවසන්නේ,

Read More »