“ඩෙල්ටා ප්‍රභේදය ඔස්ට්‍රේලියාවට ගෙන ගිය පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු නොවේ”

පසුගියදා ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නගරයෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියකු හරහා නව කොවිඩ් ප්‍රභේදය පැතිරවූ බවට වාර්තා වූ පුද්ගලයා ශ්‍රී ලංකාව තුළට පැමිණි පුද්ගලයෙකු නොවන බවත් ලංකාව හරහා එරටට ගිය පුද්ගලයෙකු බවට තොරතුරු වාර්තා වී ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර අනාවරණය කළා.

මෙල්බර්න් නුවරින් පසුගිය දා හමුවූ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් පැමිණි පුද්ගලයෙකුගෙන් සම්ප්‍රේෂණය වී ඇති බව එරට බලධාරීන් පැවසීය.

නමුත් වෛද්‍ය චන්දිම ජීවන්දර පවසන්නේ, එම ගුවන් මගියා ශ්‍රී ලංකාව හරහා (Transit passenger)මෙල්බර්න් නුවරට ගිය පුද්ගලයෙකු බවය.

එම පුද්ගලයා ලංකාව තුළට කිසිදු අවස්ථාවක ඇතුළුවී නොමැති බවට තහවුරු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර කියාසිටියේය.

එනිසා එම පුද්ගලයා ලංකාවේ සමාජයෙන් වාර්තා වු පුද්ගලයෙකු නොවන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »