ශ්‍රී ලංකා රජය ඔස්ටේ්‍රලියාවෙනුත් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ඉල්ලයි

ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ඔස්ටේ්‍රලියාවෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ පිළිබඳව ධනාත්මකව සළකා බලන බවයි විදේශ අමාත්‍ය මරිස් පේන්වි, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට සහතිකවී ඇත්තේ.

දෙපාර්ශවය අතර පැවති දුරකථන සංවාදයකදී මෙම අදහස් පළවී තිබෙනවා.

කොවිඩ්19 වසංගතය හේතුවෙන් ඇති වූ අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඔස්ටේ්‍රලියාව ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී කෘතඥතාව පළ කල බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක සඳහන්.

ලබන වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව සහ ඔස්ටේ‍රලියාව අතර ද්විපාර්ශ්වික සබඳතා පිහිටුවා ගැනීම පිළිබඳ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍යවරුන් එකග වී තිබෙනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා සිදුවන පාරිසරික හානිය අවම කිරීම පිණිස ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය ලබා දීම සඳහා ද ඔස්ටේ්‍රලියා විදේශ අමාත්‍ය මරිස් පේන් ඉදිරිපත් වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »