ගතවූ පැය 24 දී වික්ටෝරියාවෙන් කිසිදු ආසාධිතයෙකු නෑ – දේශ සීමා ඇරීම තවත් කල් යනු ඇතැයි ඉගියක්

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැති බව ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

Lockdown සීමා ලිහිල් කිරීමෙන් පසු පළමු දිනය අදයි.

මේ අනුව මෙල්බර්න් කොවිඩ් පොකුර තවදුරටත් 88 ක් ලෙසම පවතිනු ඇති.

https://twitter.com/VicGovDH/status/1403120157711605764?s=20

මේ අතර ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා තවදුරටත් වසා තබන බව අගමැති ස්කොට් මොරිසන් යළිත් අවධාරණය කලා.

රටේ එන්නත් ලබාදී ඇති සංඛ්‍යාව සාපේක්ෂව අඩු වුවද ඉහළ එන්නත්කරණයක් ඇති රටවලින් ඔස්ටේ්‍රලියාවට වඩා දෛනික කොවිඩ් ආසාධිතයන් හමුවන බවයි ඔහු සඳහන් කලේ.

අගමැතිවරයාගේ ප්‍රකාශයට අනුව ඇතැම්විට 2022 වසරේදී පවා දේශසීමා විවෘත නොවන ඉගියක් පළවන බව මාධ්‍ය වාර්තාවල සඳහන්.

අගමැති මොරිසන් මීට පෙර පවසා තිබුණේ ලබන වසර ආරම්භය වනවිට ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත කල හැකි වනු ඇති බවයි.