
වික්ටෝරියා ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශයට බලපා ඇති දරුණු ජල ගැලීම් තත්වය හේතුවෙන් අවධානම් ප්‍රදේශවලින් පුද්ගලයන් විශාල පිරිසක් ඊයේ රාත්‍රියේදී ඉවත් කෙරුණා.
Traralgon ප්‍රදේශයේ පදිංචිකරුවන් එලෙස වහා ඉවත් කර ඇති අතර Avon සහ Thomson යන ගංගා අසල පදිංචිකරුවන්ට අවධානයෙන් පසුවනලෙසටයි දැනුම් දී ඇත්තේ.
Gippsland ප්‍රදේශයේ තිබී ජල ගැලීම්වලට හසුවූ මෝටර් රථයක සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක්ද හමුවිය.

ඊයේ රාත්‍රිය වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලයන් 160,000 කට පමණ විදුලිය ඇණහිට තිබිණ.
එය යථා තත්වයට පත් කිරීමට දින 03 ක් පමණ ගතවිය හැකි බවටයි අනතුරු අගවා තිබුණේ.

Pic – Nine