Day: May 30, 2021

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 06 ක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ තවත් කොවිඩ් ආසාධිතයන් 06 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් 05 දෙනෙකු සමාජයෙන් හමුවූවන් වන අතර එක් අයෙකු හෝටල් නිරෝධායනයෙනි. සමාජයෙන් හමුවූ 05 දෙනා Whittlesea පොකුරට අයත්දැයි තහවුරුවුවහොත් එම පොකුර 40 දක්වා ඉහළ යනු ඇති. සෙනසුරාදා දිනය පුරා සිදුකරන ලද කොවිඩ් පරීක්ෂණ 45,000 ක් අතුරින් මෙම පිරිස හඳුනාගත් බව වික්ටෝරියා සෞඛ්‍ය අංශ කියයි. මේ අතර ආසාධිතයන් සහ ආශ්‍රිතයන් ගමන් කල ස්ථාන ඇතුළත් නවතම ලේඛනය නිකුත් කර තිබේ. එම ස්ථාන මෙතැනින්

Read More »

ඉන්දීය – බි්‍රතාන්‍ය කොවිඩ් ප්‍රභේද මිශ්‍ර වූ භයානක නව කොවිඩ් ප්‍රභේදයක් වියට්නාමයෙන්

ඉන්දීය සහ බි්‍රතාන්‍ය කොවිඩ් ප්‍රභේද මිශ්‍ර වූ නව කොවිඩ් ප්‍රභේදයක් හමුවූ බව වියට්නාම බළධාරීන් පවසනවා. එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ එම නව ප්‍රභේදය වාතය හරහා ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි. එමෙන්ම මෙම නව ප්‍රභේදය අතිශය භයානක බවද වියට්නාම බළධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. වියට්නාමය සැළකෙන්නේ කොවිඩ් වෛරසය සාර්ථකව පාලනය කල රටක් ලෙසයි. එහි මේ දක්වා සටහන් වී ඇත්තේ ආසාධිතයන් 6713 ක් පමණක් වන අතර මරණ සටහන්වූයේ 47 ක් පමණයි.

Read More »
Photo © Courtesy of The Buchan Group

මෙල්බන් හි විශාලතම සාප්පු සංකීර්ණයක් වන Chadstone Shopping Centre ද කොවිඩ් අධි අවදානම් ස්ථාන අතරට එක් වේ.

Photo © Courtesy of The Buchan Group මෙල්බර්න් හි විශාලතම සාප්පු මධ්‍යස්ථානයක් වන Chadstone Shopping Centre තුළ වෙළඳසැල් කිහිපයකට ගිය ගනුදෙනුකරුවන්ට හුදකලා වී වහාම COVID-19 සඳහා පරීක්ෂා කර බැලීමට නියෝග කර ඇත. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ COVID-19 නිරාවරණ ස්ථාන​ ලැයිස්තුව අද(30/5) උදෑසන වන විට​ ස්ථාන 174 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අඛණ්ඩව වර්ධනය වන ලැයිස්තුව සෞඛ්‍ය බලධාරීන්ට හිසරදයක් වන අතර, පවතින lockdown තත්වය එළඹෙන බ්‍රහස්පතින්දා වන විට​ ඉවත් කිරීමට නම් මෙම වයිරසයේ පැතිරීම වළක්වා ගැනීම​ ඉතා වැදගත්

Read More »

Lockdown නිසා වික්ටෝරියා ප්‍රාන්තයට ඩොලර් බිලියනයක පාඩුවක් / වැඩිම බලපෑම Casual සේවකයන්ට

දින 07 ක Lockdown තත්වය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකයට ඩොලර් බිලියනයක පමණ පාඩුවක් සිදුවනු ඇති බවට ගණන් බලා තිබේ. විශේෂයෙන් Casual සේවකයන් සහ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙමගින් වැඩිම බලපෑමක් එල්ලවනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ. දැනට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින Casual සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 05 කට අධික වන අතර විශේෂයෙන් සතිපතා හෝ සති 02 කට වරක් වැටුප් ගන්නා ඔවුන්ට මෙම තත්වය හමුවේ ආදායම් මාර්ග ඇහිරී යන තත්වයකුයි උදාවී ඇත්තේ. මෙහි වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ දැනට කිසිදු

Read More »