Day: May 30, 2021

නිල සංචාරයක් සඳහා අගමැති මොරිසන් නවසීලන්තයට

දෙදින නිල සංචාරයක් සඳහා අගමැති ස්කොට් මොරිසන් නවසීලන්තයට පැමිණ තිබේ. දෙරටෙහි අගමැතිවරුන් අතර නිල සාකච්ඡාව හෙට පැවැත්වෙනවා. නවසීලන්තයේ දකුණු දිවයිනේ ක්වීන්ස්ටවුන් හිදී පැවැත්වෙන මෙම සාකච්ඡාවලදී ද්විපාර්ශවික කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති. අන්තර් ටස්මන් සංචාරක බුබුළ ඇතුලු කරුණු ඊට ඇතුළත්. නවසීලන්තයේදී අගමැති මොරිසන්ට උණුසුම් පිළිගැනීමක් හිමිව ඇති බවද සඳහන්.

Read More »

Epping Plaza හි Kmart හා Coles වෙළඳ ආයතනද අවධානම් ස්ථාන ලෙස නම් කරයි

මෙල්බර්න් කොවිඩ් ආසාධිතයන් අතර එක් අයෙකුට වෛරසය වැළඳුනු ආකාරය මතභේදාත්මක තත්වයක් වී ඇති මොහොතක තවත් ස්ථාන රැසක් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබේ. Epping Plaza Shopping Centre හි Kmart හා Coles වෙළඳ ආයතනද ඊට අයත්. මේ අනුව දැනට මෙල්බර්න් නගරයේ ස්ථාන 180 කට වැඩි ප්‍රමාණයක් අවධානම් ස්ථාන ලෙස නම් කර ඇත. පහත ස්ථානවල සිටි අය වෙතොත් වහා කොවිඩ් පරීක්ෂා සඳහා යොමුවන ලෙසටයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ දන්වා සිටින්නේ. Victoria’s COVID-19 Exposure Sites – Tier 1 පහත

Read More »

ඊයේ ආසාධිතයන් 05 න් අයෙකුට වෛරසය වැළඳුණේ කෙසේදැයි මතභේදාත්මක තත්වයක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හඳුනාගත් සමාජ සම්ප්‍රේෂණ කොවිඩ් ආසාධිතයන් 05 දෙනා අතුරින් එක් අයෙකුට වෛරසය වැළඳුණේ කෙසේදැයි මේ වනවිට මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී තිබේ. Maidstone හි aged care මධ්‍යස්ථානයක සේවිකාවක් වන ඇය පසුගිය සතිය තුළ සේවය කර ඇත්තේ සේවා මුර 02 කදී පමණි. ඇයට වෛරසය වැළඳී ඇත්තේ එහිදී බවට සැක පළවී ඇතත් එම ස්ථානයෙන් මීට පෙර කිසිදු අයෙකුට කොවිඩ් ආසාධනය වී ඇතැයි වාර්තා වන්නේ නැහැ. මේ අනුව අදාළ aged care මධ්‍යස්ථානයට පිටතින් පැමිණිම සහ පිටත්ව යාම

Read More »

PHOTOS : ඉතිහාසයේ පළමු වරට අමෙරිකා ජනපති මැදුරේදී වෙසක් සැමරේ

ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට, බුදුන් වහන්සේ ගේ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් දින උත්සවය ධවල මන්දිරයේ දී පවත්වා තිබේ. මෙම වෙසක් උත්සවය පසුගිය වෙසක් දින (26) ධවල මන්දිරයේ දී පවත්වා තිබුණේ, ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය නියෝජනය කරමින් සහභාගී වූ ධවල මන්දිර දෙවැනි පෙළ ප්‍රධාන නිලධාරී ඩග්ලස් එම්හෝෆ් මහතා සහ තේරවාදී, මහායාන, සහ වජ්ද්‍රාසන යන බෞද්ධ නිකායේ හිමිවරුන් ගේ සහභාගිත්වයෙනි. තේරවාදී බුදුදහම නියෝජනය කරමින් එම ඓතිහාසික අවස්ථාව ට සහභාගි වුයේ , උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ

Read More »