PHOTOS : ඉතිහාසයේ පළමු වරට අමෙරිකා ජනපති මැදුරේදී වෙසක් සැමරේ

ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට, බුදුන් වහන්සේ ගේ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් දින උත්සවය ධවල මන්දිරයේ දී පවත්වා තිබේ.
මෙම වෙසක් උත්සවය පසුගිය වෙසක් දින (26) ධවල මන්දිරයේ දී පවත්වා තිබුණේ, ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය නියෝජනය කරමින් සහභාගී වූ ධවල මන්දිර දෙවැනි පෙළ ප්රධාන නිලධාරී ඩග්ලස් එම්හෝෆ් මහතා සහ තේරවාදී, මහායාන, සහ වජ්ද්රාසන යන බෞද්ධ නිකායේ හිමිවරුන් ගේ සහභාගිත්වයෙනි.
තේරවාදී බුදුදහම නියෝජනය කරමින් එම ඓතිහාසික අවස්ථාව ට සහභාගි වුයේ , උතුරු ඇමරිකාවේ ප්රධාන අධිකරණ සංඝනායක , මේරිලන්ඩ් බෞද්ධ විහාරයේ විහාරාධිපති අතිපූජ්ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ ය.
වෙසක් දින උත්සවය ආරම්භ කරමින්, ඩග්ලස් එම්හෝෆ් මහතා සහ එම අවස්ථාවට සහභාගි වූ භික්ෂූන් වහන්සේ පහන් දැල්වීම සිදුකළ හ.
මෙහිදී ඩග්ලස් එම්හෝෆ් මහතා විසින් , ඇමරිකානු ජනාධිපති ජෝ බයින්ඩ් මහතා ගේ වෙසක් දින පණිවුඩය ප්රකාශයට පත්කළ අතර ලෝකවාසී බෞද්ධ ජනතාව ගේ, ප්රධාන බෞද්ධ උත්සවය ලෙස වසර 2500 ඉතිහාසය පුරා සමරනු ලබන වෙසක් දිනයේදී දයානුකම්පාව, නිහතමානී කම, පරාර්ථකාමීත්වය යන බුදුදහමේ හරය ලෝක ජනතාව ට සිහිපත් කර සිටියේ ය.
මානව වර්ගයාගේ සුබ සිද්ධිය සඳහා බෞද්ධාගම සිදුකරන කාර්යභාරය ද ඩග්ලස් එම්හෝෆ් මහතා අගය කර සිටියේ ය.
ධවල මන්දිරයේ පැවති වෙසක් දින උත්සවය ට ඇමරිකානු රාජ්ය ලේකම් ටෝනි බ්ලින්කන් මහතා ද සුබපැතුම් එක්කර තිබුණි.
උත්සවයේ දී අදහස් දැක්වූ අතිපූජ්ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ අවධාරණය කර සිටියේ, ඇමරිකානු රජය මුළු මහත් ලෝකයටම පරමාදර්ශයක් සපයමින් වෙසක් දින උත්සවය ධවල මන්දිරයේ දී පැවැත්වීම ඇමරිකානු ජනාධිපති වරයා ඇතුළු රජය ලෝකවාසී බෞද්ධ ජනතාව ට සිදුකළ ගෞරවයක් ලෙස සලකන බවයි.

ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප විවෘත කිරීම ඇරඹේ

ප්‍රමාණවත් හිම පතනයන් නොලැබීම හමුවේ විවෘත කිරීම ප්‍රමාද වූ ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »