
වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ තවත් කොවිඩ් ආසාධිතයන් 06 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඉන් 05 දෙනෙකු සමාජයෙන් හමුවූවන් වන අතර එක් අයෙකු හෝටල් නිරෝධායනයෙනි.
සමාජයෙන් හමුවූ 05 දෙනා Whittlesea පොකුරට අයත්දැයි තහවුරුවුවහොත් එම පොකුර 40 දක්වා ඉහළ යනු ඇති.

සෙනසුරාදා දිනය පුරා සිදුකරන ලද කොවිඩ් පරීක්ෂණ 45,000 ක් අතුරින් මෙම පිරිස හඳුනාගත් බව වික්ටෝරියා සෞඛ්‍ය අංශ කියයි.
මේ අතර ආසාධිතයන් සහ ආශ්‍රිතයන් ගමන් කල ස්ථාන ඇතුළත් නවතම ලේඛනය නිකුත් කර තිබේ.
