Lockdown නිසා වික්ටෝරියා ප්‍රාන්තයට ඩොලර් බිලියනයක පාඩුවක් / වැඩිම බලපෑම Casual සේවකයන්ට

දින 07 ක Lockdown තත්වය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකයට ඩොලර් බිලියනයක පමණ පාඩුවක් සිදුවනු ඇති බවට ගණන් බලා තිබේ.

විශේෂයෙන් Casual සේවකයන් සහ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙමගින් වැඩිම බලපෑමක් එල්ලවනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

දැනට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින Casual සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 05 කට අධික වන අතර විශේෂයෙන් සතිපතා හෝ සති 02 කට වරක් වැටුප් ගන්නා ඔවුන්ට මෙම තත්වය හමුවේ ආදායම් මාර්ග ඇහිරී යන තත්වයකුයි උදාවී ඇත්තේ.

මෙහි වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ දැනට කිසිදු අයුරකින් විවෘත කිරීමට අවසර නොමැති කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන වැනි ආයතනවල සේවය කරන ස්ථිර පදනමින් නොවන Casual සේවකයන්ටයි.

 

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »