Day: May 25, 2021

ඉන්දියාවේ සිට ඔස්ටේ්‍රලියානුවන් රැගත් 03 වන ගුවන් යානය සිඩ්නි ගුවන් තොටුපළට

ඉන්දියාවේ සිටි ඔස්ටේ්‍රලියානුවන් රැගත් 03 වන ගුවන් යානය අද සිඩ්නි ගුවන් තොටුපළට පැමිණ තිබේ. මගීන් 140 ක් එහි පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනා පළමු පී සී ආර් පරීක්ෂණයෙන් සෘණාත්මක බව හෙළිවී ඇත. මෙම පිරිස සිඩ්නි නගරයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇතැයි සඳහන්. මීට පෙර පැමිණි ගුවන් යානා 02 ම ගොඩබස්වනු ලැබුවේ ඩාර්වින් ගුවන් තොටුපළටයි.

Read More »

Breaking: වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 04 ක් / පැය 36 කදී ආසාධිතයන් 09 යි

වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 04 ක් මීට ටික වේලාවකට පෙර තහවුරු වී ඇත. මේ අනුව මෙල්බර්න් නගරය ආශ්‍රිතව පසුගිය පැය 36 ක කාලය තුළ හමුවූ කොවිඩ් ආසාධිතයන් ගණන 09 කි. අද පස්වරු 06 සිට සීමා පැණවීමට කෙටි වේලාවක් තිබියදී මෙම ආසාධිතයන් හමුවී තිබේ. බළධාරීන් පවසන්නේ අවම වශයෙන් ලබන මස 04 වනදා තෙක් එම සීමා ක්‍රියාත්මක කෙරෙන බවයි. අද පස්වරු 06 සිට මෙල්බර්න් නුවර ක්‍රියාත්මක නව සීමා මෙතැනින්

Read More »

විදුලිය ඇනහිටීමක් හේතුවෙන් ක්වීන්ස්ලන්තයේ නිවාස 375,000 කට දැඩි බලපෑමක්

විදුලිය ඇනහිටීමක් හේතුවෙන් ක්වීන්ස්ලන්තයේ ගිනිකොනදිග හා කලාපීය (Regional) ප්‍රදේශවලට දැඩි බලපෑමක් එල්ලවී ඇත. අවම වශයෙන් නිවාස 375,000 ක් වත් බලපෑමට ලක්ව ඇත. බ්‍රිස්බේන් හරහා මාර්ග විදුලි පහන් සහිත මාර්ග මංසන්ධිවලින් ප්‍රවේශම් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටී. Energex විසින් දහවල් 2.30 ට පමණ ගැටලුව පිළිබඳ වාර්තා කරන ලදී. විදුලිබල සමාගම මේ පිළිබඳව විමර්ශනය කරමින් සිටියද, ඇනහිටීමට හේතුව මේ දක්වා හෙළිවී නොමැත. Energex පැවසුවේ ගෝල්ඩ් කෝස්ට් සිට Caboolture දක්වා වාර්තා ලැබී ඇති බවයි. තවත් බලශක්ති සැපයුම්කරුවෙකු වන Ergon

Read More »

කොළඹ වරාය අසල නැවක පිපිරීමක් / කන්ටේනර් 08 ක් මුහුදට වැටේ

කොළඹ වරායට ඔබ්බෙන් නැංගුරම් ලා ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අද උදාසන නැවතත් ගින්නක් හටගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කලේ නෞකාව අභ්‍යන්තරයේ කිසියම් පිපිරීමක් සිදුව ඇති බවයි. මේ වනවිට නෞකා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 25 දෙනාම කොළඹ වරායට රැගෙනවිත් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ලහඳපුර සඳහන් කලා. ඉන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. නෞකාවේ බහාලුම් 08 ක් සාගරයට පතිත වී තිබෙනවා. ඉන් 07 ක් ගිලී ගොස් ඇති අතර

Read More »

මෙල්බර්න් ආසාධිතයන් Woolworths, Nando’s, Shell Coles Express වෙතත් ගිහින් – සියලු ස්ථාන මෙන්න

මෙල්බර්න් නගරයෙන් ගතවූ පැය 24 තුළ හමුවූ නව කොවිඩ් ආසාධිතයන් 05 දෙනා ගමන් කල ස්ථාන පිළිබඳ යාවත්කාලීන ලේඛණය ප්‍රකාශයට පත් කර තිබේ. එම ස්ථාන මෙසේයි. Jump! Swim Schools Bundoora, between 8:55am – 10:15am on May 21, Tier 1. Futsal Brunswick, between 9:00am – 10:00am on May 23, Tier 2. Nando’s Epping (Dalton Rd), between 8:30pm – 9:20pm on May 19, Tier 1. Epping North Shopping Centre, between 4:45pm – 5:50pm on May 22, Tier 2. House and Party (store),

Read More »