විදුලිය ඇනහිටීමක් හේතුවෙන් ක්වීන්ස්ලන්තයේ නිවාස 375,000 කට දැඩි බලපෑමක්

විදුලිය ඇනහිටීමක් හේතුවෙන් ක්වීන්ස්ලන්තයේ ගිනිකොනදිග හා කලාපීය (Regional) ප්‍රදේශවලට දැඩි බලපෑමක් එල්ලවී ඇත.

අවම වශයෙන් නිවාස 375,000 ක් වත් බලපෑමට ලක්ව ඇත.

බ්‍රිස්බේන් හරහා මාර්ග විදුලි පහන් සහිත මාර්ග මංසන්ධිවලින් ප්‍රවේශම් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Energex විසින් දහවල් 2.30 ට පමණ ගැටලුව පිළිබඳ වාර්තා කරන ලදී.

විදුලිබල සමාගම මේ පිළිබඳව විමර්ශනය කරමින් සිටියද, ඇනහිටීමට හේතුව මේ දක්වා හෙළිවී නොමැත.

Energex පැවසුවේ ගෝල්ඩ් කෝස්ට් සිට Caboolture දක්වා වාර්තා ලැබී ඇති බවයි.

තවත් බලශක්ති සැපයුම්කරුවෙකු වන Ergon Energy පැවසුවේ ක්වීන්ස්ලන්තය පුරා “දස දහස් ගණනකට” මෙම ඇනහිටීම් බලපාන බවයි.

ගිනිකොනදිග ක්වීන්ස්ලන්ත කලාපයේ දුම්රිය සේවාවන්ට විදුලිය ඇනහිටීම් බලපා නොමැත.

දුම්රිය සේවා තවමත් නියමිත කාලසටහනක ක්‍රියාත්මකය.

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »