කොළඹ වරාය අසල නැවක පිපිරීමක් / කන්ටේනර් 08 ක් මුහුදට වැටේ

කොළඹ වරායට ඔබ්බෙන් නැංගුරම් ලා ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අද උදාසන නැවතත් ගින්නක් හටගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කලේ නෞකාව අභ්‍යන්තරයේ කිසියම් පිපිරීමක් සිදුව ඇති බවයි.

මේ වනවිට නෞකා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 25 දෙනාම කොළඹ වරායට රැගෙනවිත් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ලහඳපුර සඳහන් කලා.

ඉන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නෞකාවේ බහාලුම් 08 ක් සාගරයට පතිත වී තිබෙනවා.

ඉන් 07 ක් ගිලී ගොස් ඇති අතර තවත් එකක් සාගරයේ පාවෙමින් පවතින බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ලහඳපුර කියා සිටියේ.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »