Search

පළමුවරට ශ්‍රී ලංකා කාන්තාවකට ඔලිම්පික් විනිසුරු සහ තරඟ තීරක ලෙස කටයුතු කිරීමට අවස්ථාව

ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පළමුවරට ශ්‍රී ලංකා කාන්තාවකට ඔලිම්පික් තරඟාවලියක් විනිශ්චය කිරීම සහ තරඟ තීරකවරියක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.

මෙවර ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලිය වෙනුවෙන් එම සුවිශේෂී අවස්ථාව හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරනු ලබන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් වන ටී.නෙල්කා ශිරෝමලා නිලධාරිනියයි.

2017 වසරේදී ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුට හිමි සම්මානය ද ඇය විසින් හිමිකරගෙන ඇති අතර ආසියානු කාන්තාවක් දක්ෂතම බොක්සිං විනිසුරු සඳහා සම්මාන ලබාගත් පළමු අවස්ථාව ලෙසද එය ඉතිහාස ගත වුණා.

ශිරෝමලා නිලධාරිනිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟාවලියක් විනිශ්චය කළ පළමු කාන්තා බොක්සිං විනිසුරුවරිය ද වනවා.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »