Breaking: අද රාත්‍රී 12 සිට ලබන අගහරුවාදා රාත්‍රී 12 දක්වා වික්ටෝරියා Lockdown

අද රාත්‍රී 12 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වික්ටෝරියා ප්‍රාන්තය Lockdown කර තිබේ.

ලබන අගහරුවාදා රාත්‍රී 12 දක්වා එය බල පැවැත්වෙන බවයි ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් සඳහන් කලේ.

සමස්ත ප්‍රාන්තයටම මෙම රෙගුලාසි බලාත්මක වන බවයි අගමැතිවරයා කියාසිටියේ.

මෙය මෙල්බර්න් නගරය Lockdown කරන 05 වන අවස්ථාවයි.

අත්‍යවශ්‍යම කරුණු 05 කට පමණක් නිවාසවලින් පිටතට යා හැකියි.

– ආහාර හෝ අත්‍යවශ්‍යම ද්‍රව්‍ය මිලයට ගැනීමට
– සත්කාරක සේවා
– ව්‍යායාම් කටයුතු
– එන්නත ලබාගැනීම
– රැකියා හෝ අධ්‍යාපන කටයුතු

නිවාසවලින් පිටතට ගමන් කල හැකි වනුයේ උපරිම කිලෝමීටර් 05 ක දුරකට පමණි.

එමෙන්ම අවන්හල් විවෘතව තැබිය හැකි නමුත් Take-away ක්‍රමයට පමණක් ආහාර ලබාගත යුතු අතර ඇතුළත රැඳී සිට ආහාර ගත නොහැකිය.

ඊයේ දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 10 ක් වාර්තා වූ අතර ඩෙල්ටා ප්‍රභේදය ආසාධිතයෙකුද ඒ අතර වෙයි.

අවසානයට සටහන්වූ ආසාධිතයන් දෙදෙනා MCG ක්‍රීඩාංගණයේ පසුගිය සෙනසුරාදා පැවති Carlton v Geelong තරගය නැරඹීමට ගොස් ඇත.

එමෙන්ම කොවිඩ් අවධානම හමුවේ මෙල්බර්න් හි 03 වන පාසලත් වසා දමා ඇත.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »