Search

Just In: අද මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බර්න් නැවත Lockdown ?? නිල නිවේදනය පස්වරුවේ

අද එනම් බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බර්න් නගරය නැවත වරක් Lockdown කෙරෙනු ඇති බවට ජාතික මට්ටමේ මාධ්‍ය ආයතන කිහිපයක්ම වාර්තා කර තිබේ.

කෙසේවෙතත් බළධාරීන් විසින් මේ දක්වා ඊට අදාළව නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

කිසියම් අයුරකින් Lockdown කිරීමක් කලහොත් මෙය මෙල්බර්න් නගරය Lockdown කරන 05 වන අවස්ථාවයි.

මේ සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය අංශවල ඉහළ නිලධාරීන් මේ වනවිට විශේෂ සාකච්ඡාවක නිරතවී සිටී.

එහිදී ගන්නා තීන්දු වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් විසින් අද පස්වරුවේ නිවේදනය කිරීමට නියමිතය.

සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයම Lockdown කරන්නේද නොඑසේනම් මෙල්බර්න් නගරය Lockdown කරන්නේද යන්න මේ දක්වා අවසන් තීරණයක් ගෙන නැතැයි වාර්තා වෙයි.

ඊයේ දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 10 ක් වාර්තා වූ අතර ඩෙල්ටා ප්‍රභේදය ආසාධිතයෙකුද ඒ අතර වෙයි.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »