
සිඩ්නි lockdown තත්ත්වය තවත් දීර්ග කිරීම නිසා ආදායම් අහිමිවී ඇති පුද්ගලයින්ට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ලබාදෙන තාවකාලික COVID-19 ආපදා ගෙවීම ඉහළ දැමීමට තීරණය කර තිබේ.
රැකියා කරන ජනතාවට සහ ව්‍යාපාර වලට අමතර ආර්ථික සහන ලබාදෙන බව අග්‍රාමාත්‍ය Scott Morrison අද (13) පස්වරුවේ නිවේදනය කළේය.
සතියකට පැය 20 කට වැඩි කාලයක රැකියාවල නිරත වූවන්ට මේ අනුව ඩොලර් 500 ක් ලෙස පැවති මුදල ඩොලර් 600 දක්වාද / සතියකට පැය 20 කට අඩු කාලයක රැකියාවල නියුතුවූවන්ට ඩොලර් 325 ක් ලෙස පැවති මුදල ඩොලර් 375 දක්වාද ඉහළ නැංවෙනු ඇති.
ඒ අතරේ සිඩ්නි නුවර lockdown තත්ත්වය දීර්ග කිරීම නිසා ආර්ථික අර්බුද වලට මුහුණ පා සිටින ව්‍යාපාර සඳහාද මුදල් ප්‍රදාන ලබා දීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

Woollahra, Waverley, Randwick සහ City of Sydney යන නගර සභා කලාප හතරට මෙම ගෙවීම ජූලි 16 සිට ගෙවනු ලැබේ.
සෙසු සිඩ්නි කලාප සඳහා ජූලි 19 සිට මෙම තාවකාලික COVID-19 ආපදා ගෙවීම් කරනු ඇත.
