ඇස්ට්‍රා-සෙනෙකා පළමු මාත්‍රාව ගත් පුද්ගලයන්ට යළි සිහි කැඳවීමක්

VACCINE ASTRA ZENECA

ඔස්ටේ්‍රලියාව තුළ ඇස්ට්‍රා-සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර තිබේ.

Australian Technical Advisory Group on Immunisation (ATAGI) අවධාරණය කරන්නේ දැනට කොවිඩ් Hotspots ලෙස නම් කර ඇති ප්‍රදේශවල සිටින අය සහ ඩෙල්ටා ප්‍රභේදයේ වැඩි බලපෑමට ලක්ව සිටින පුද්ගලයන් සති 04 ත් 08 ත් අතර කාලයේදී අනිවාර්යයෙන් ඇස්ට්‍රා-සෙනෙකා දෙවන මාත්‍රාව ගත යුතු බවයි.

සති 12 ක් වනතුරු නොසිටින්නැයිද ඔවුන්ට දැඩිව අවවාද කෙරේ.

කිසියම් අයුරකින් අනවශ්‍ය ලෙස ප්‍රමාද වුවහොත් වෛරසය වැළඳීමට වැඩි ඉඩක් පවතිනු ඇති බවටද ATAGI අනතුරු අගවා සිටී.

එමෙන්ම දැනට වයස 60 ට අඩු අයට ෆයිසර් එන්නත පමණක් නිර්දේශ කර ඇතත් එය ලබාගැනීම පමා වේ නම් වහා ඇස්ට්‍රා සෙනෙකා එන්නත හෝ ලබාගන්නා ලෙස ඔවුන් දන්වා සිටිනවා.

 

Pic – 7 News / JAMES ROSS/AAPIMAGE

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »