සිඩ්නි නගරයේ නිරෝධායන නීති කඩන්නන් සොයා සිදුකරන පොලිස් මෙහෙයුම් ඉහළ නංවා තිබේ.
ඒ දිගින් දිගටම වෛරස් ආසාධිතයන් හමුවීම ඉහල යාමත් සමගයි.
ඊයේ දිනයේදී මෙලෙස නීති කැඩූ 167 දෙනෙකුට දඩ පත්රිකා නිකුත් කර ඇති අතර ඉන් 08 දෙනෙකු නීති විරෝධිව සාදයක් පැවැත්වූ අය බව සඳහන්.
මොවුන්ට ඩොලර් 1000 බැගින් දඩ නියම කර තිබේ.
Waterloo හි Meriton Suites හෝටලයේදී මෙලෙසම සාදයක් පැවැත්වූ පිරිසක් අතුරින්ද කොවිඩ් ආසාදිතයන් 35 ක් පසුගියදා වාර්තා විය.
Pic – 9News