
කොවිඩ් එන්නත වෙනුවෙන් නොමිළයේ බීර ලබාදීම අත්හිටුවන ලෙස වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අංශ මෙල්බර්න් නුවර Pub එකකට දැනුම් දී ඇත.
Port Melbourne හි Prince Alfred හෝටලයේ පිහිටා ඇති මත්පැන් සැලකට මෙම දැනුම්දීම කර තිබේ.
සෞඛ්‍ය රෙගුලාසි අනුව මත්පැන් දී එන්නත ලබාදීම අනුමත කල නොහැකි බවයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ දන්වා ඇත්තේ.

කෙසේවෙතත් අදාළ Pub එකෙහි හිමිකරු වන Tom Streater පවසා ඇත්තේ ජනතාව එන්නත්කරණයට උනන්දු කරවීම පමණක් සිය අරමුණ වූ බවයි.
මේ අතර අගමැති ස්කොට් මොරිසන් ද මෙම යෝජනාවට කැමැත්ත පළකර තිබූ අතර බීර ලබාදීම ට සිය අකමැත්තක් නැතැයි පවසා තිබිණ.

Pic – Triple M