Search

ඔස්ට්‍රේලියාව තුළ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත සමස්ත සංඛ්‍යාව 400 ඉක්මවයි

ඔස්ට්‍රේලියාව තුළ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 400 ඉක්මවා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණවලින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව කොවිඩ් ආසාදිතයින් 44 ක් හඳුනාගෙන තිබුණි.

ජූනි 16 වනදා කොවිඩ් නව ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු NSW ප්‍රාන්තයෙන් හඳුනාගත් වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව එය වේ.

පවතින තත්ත්වය හමුවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සංචරණ සීමා තවත් දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

සිඩ්නි නුවර “ලොක්ඩවුන්” කර තැබෙන කාලය තවදුරටත් දීර්ඝ කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »