නීති රකින්න ඉන්න පොලිස් නිළධාරීන්ම නීති කඩන හැටි

නීති සුරැකීමට සිටින නිළධාරීන්ම නිති කැඩීමේ සිදුවීමකට අදාළ දර්ශන පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් හි Moreton Bay ප්‍රදේශයෙනුයි.

කිසියම් පොලිස් නිළධාරියෙකු මුව ආවරණයක් නොමැතිව බේකරියක සිටින අයුරු එහි දක්නට ලැබේ.

දැනට සීඝ්‍රයෙන් කොවිඩ් පැතිරෙන නිවු සවුත් වේල්ස් හි මුව ආවරණ නීති දැඩිව ක්‍රියාත්මක වන පසුබිමක මෙලෙස පොලිස් නිළධාරියෙකු නීති කඩමින් හැසිරෙන අයුරු දුටු එහි සිටි අයෙකු ඔහුගෙන් ඒ පිළිබඳ විමසා සිටිනවා.

එහිදී කිසිවක් නොකියා සිය නිළ රථයට ගමන් කරන පොලිස් නිළධාරියා මුව ආවරණයක් පැළඳ ගන්නා අයුරු දක්නට හැකියි.

තමා අතින් වූ වරද පිළිබඳ ඔහු අදාළ බේකරියේ ඉහළ කළමණාකාරීත්වයද දැනුවත් කරනු ලබනවා.

මේ අතර සිඩ්නි නගරයේ වෙනත් අවන්හලක දීද මෙලෙසම මුව ආවරණයක් නොපැළඳ සිටි තවත් පොලිස් නිළධාරියෙකුට ඩොලර් 200 ක දඩයක් පණවා තිබිණ.

Pic -Facebook

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »