කොවිඩ් එන්නත් මිශ්‍ර කරදීමෙන් වැඩි ආරක්ෂාවක්

කොවිඩ් මර්දන එන්නත් මිශ්‍ර කර සහ ගැලපුම් සිදුකර ලබාදීමෙන් වෛරසයට එරෙහිව වැඩි ආරක්ෂාවක් ලබා ගතහැකි බව එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවිය අනාවරණ කර ඇත.

ඉන් පෙන්වාදෙන්නේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සති 4කට පසු දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමෙන්, ඇස්ට්‍රාසෙනෙකා එන්නතම ලබාදෙනවාට වඩා සාර්ථක ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාර පෙන්වා ඇති බවය.

COVID-19 එන්නත් මාත්‍රා ද්විත්වය එන්නත් වර්ග දෙකකින් ලබාදීම සම්බන්ධව එක්සත් රාජධානිය විසින් සිදුකළ අධ්‍යනයක ප්‍රතිඵල නිකුත් වී තිබේ.

AstraZeneca එන්නතෙන් පළමු මාත්‍රාව ලබා දී සති හතරකට පසුව Pfizer එන්නතෙන් දෙවැනි මාත්‍රාව ලබාදුන් විට එකම එන්නතකින් මාත්‍රා දෙකම ලබා දීමට වඩා හොඳ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ලබා දෙන බව එහිදී හෙළිවී ඇත.

AstraZeneca සහ Pfizer කොරෝනා එන්නත් මිශ්‍රව ලබාදීම පිළිබඳ Oxford විශ්ව විද්‍යාලය විසින් මෙම අධ්‍යනය සිදු කළේය.

එම මිශ්‍ර වීමේදී කොරෝනා වයිරස් ස්පයික් ප්‍රෝටීන වලට එරෙහිව ඉහළ ප්‍රතිදේහ සාන්ද්‍රණයක් නිපදවන බව හෙළිවිය.

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »