Search

එන්නත්කරණයෙන් ඔස්ටේ්‍රලියාවට අවසන් ස්ථානය

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය පිළිබඳ සංවිධානයට (OECD) අයත් රටවල එන්නත්කරණයට අදාළ වාර්තාවෙන් ඔස්ටේ්‍රලියාවට අවසන් ස්ථානය හිමිවී තිබේ.

ඊට අනුව මෙරට ජනගහණයෙන් මේ දක්වා එන්නත් ලබා දී ඇත්තේ සියයට 4.68 කට පමණි.

ඊශ්‍රායලය පළමු ස්ථානයේ පසුවන්නේ රටේ ජනගහණයෙන් සියයට 59.57 කට එන්නත් ලබාදෙමිනි.

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කොට සිටින්නේ එන්නත් මාත්‍රා මිලියන 7 කට වඩා වැඩි සංක්‍යාවක් ලබා දී ඇති බවයි.

ඔහු පෙන්වා දෙන්නේ එය සුදුසුකම් ලත් ඕස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 28.5% කට කොරෝනා එන්නත් මේ වනවිට ලබාදී ඇති බවයි.

(වයස අවුරුදු 50ට වැඩි පිරිසෙන් 50.8% කට, වයස අවුරුදු 60ට වැඩි පිරිසෙන් 59.5% කට සහ වයස අවුරුදු 70ට වැඩි පිරිසෙන් 68%කට)

 

Pic – 9 News