Face-mask නොපැළඳි උප අගමැති Barnaby Joyce ට $200 ක දඩ මුදලක්

මුව ආවරණ නොපැළඳ නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් උප අගමැති Barnaby Joyce ට ඩොලර් 200 ක දඩ මුදලක් නිකුත් කර තිබෙනවා.

නිවු සවුත් වේල්ස් Armidale හි ඉන්ධන පිරවුම්හලකින් පෙට්‍රල් මිළයට ගැනීමේදී ඔහු මුව ආවරණයක් පැළඳ සිට නොමැති බවයි වාර්තා වන්නේ.

NSW ප්‍රාන්තය මේ වනවිට කොවිඩ් පාලනය කිරීමේ දැඩි අර්බුදයකට මුහුණදී සිටින අතර ඒ අනුව සියලු ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය වනවා.

එහෙත් උප අගමැතිවරයා එලෙස මුව ආවරණයක් පැළඳ නොමැති බව දුටු පුද්ගලයෙකු ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබේ.

අනතුරුව එම ස්ථානයට පැමිණි NSW ප්‍රාන්ත පොලිසිය CCTV දර්ශන පරීක්ෂා කර උප අගමැති Barnaby Joyce ට මෙම දඩ මුදල නියම කර ඇත.

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »