Search

බැසිල් 06 වැනිදා මැති සබයට ??

ඇමරිකාවේ සිට යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ලබන 6 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් අනතුරුව එදිනම පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව ඇත්තේ පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙක් ලෙසය.

බැසිල් රාජපක්ෂ 2010- 2015 රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරය ද හෙබවීය.

බැසිල් රාජපක්ෂ ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම සඳහා තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට පළවී ඇති මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා.

ඔහු කියාසිටියේ ඒ සම්බන්ධ යෝජනාවක් මේ දක්වා ඉදිරිපත්වී නොමැති අතර කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවයි.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »