ඔස්ටේ්‍රලියානුවන්ගේ විදුලි බිල්පත් ගාස්තු පහළ යනු ඇති බවට අනාවැකි

ඉදිරි මාස කිහිපය තුළදී ඔස්ටේ්‍රලියානුවන්ගේ විදුලි බිල්පත් ගාස්තු පහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

බොහෝ පිරිසක් නිවාසවල සිට රාජකාරි කිරීම හමුවේ නිවාසවල විදුලිය භාවිත කිරීම සියයට 10 කින් ඉහළ ගොස් තිබේ.

එහෙත් කර්මාන්ත ශාලා / සුලු පරිමාණ ව්‍යාපාරික ස්ථාන වැනි ආයතනවල විදුලි පරිභෝජනය සියයට 17 කින් පමණ පහළ ගොස් ඇත.

එබැවින් විදුලිය නිෂ්පාදනය කිරීමට යන පිරිවැය අඩුවීම හමුවේ එම සහනය මහජනතාවට ලබාදීමටයි ඔස්ටේ්‍රලියා පාරිභෝගික කොමිසම සැළසුම් කර ඇත්තේ.

එමෙන්ම විදුලි බිල් ගෙවා ගැනීමට නොහැකිව සිටින පාරිභෝගිකයන්ට සහනයක් දීමටද අවධානය යොමුවී තිබේ.

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන් දහස් ගණනකගේ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයෙකුගේ අතට

වික්ටෝරියා ප්‍රාන්ත පරිසර ආරක්ෂණ අධිකාරියේ (EPA) බාහිර සම්බන්ධතා මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් විශාල පිරිසකගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »