
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් පසුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හා Australian Capital Territory (ACT) ද ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට සූදානම් වන බවට වාර්තා පළවේ.
ඒ සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් විශේෂ අනුමැතියක් හිමිවී තිබේ.
මෙම නියමු වැඩසටහන සඳහා අදාළ ජාත්‍යන්තර සිසුන් හට වලංගු ශිෂ්‍ය Visa බලපත්‍ර තිබිය යුතුය.

එමෙන්ම දින 14 ක නිරෝධායන කාලය සම්පූර්ණ කිරීම සඳහා රැඳී සිටිය යුතුය.
මෙම වැඩසටහනේ සියලු වියදම් විශ්වවිද්‍යාල අංශය විසින් කළමනාකරණය කරනු ඇත.

මෙම නියමු වැඩසටහන හරහා NSW සහ ACT විශ්ව විද්‍යාල 14 කට දෙසතියකට වරක් ජාත්‍යන්තර සිසුන් 250 ක් ගෙන්වා ගැනීම සිදු කෙරේ.
මෙම ගුවන් ටිකට් පත් සහ ගුවන් ගමන් සංවිධානය කිරීම සඳහා තනි සංචාරක නියෝජිතයෙකු (travel agent) ඒකාබද්ධව පත් කරනු ලැබේ.
ඒ අනුව අදාළ සංචාරක නියෝජිතයා වෙත මුදල් ගෙවා තම ගුවන් ටිකට් පත් වෙන් කරවා ගැනීමට හා තම පැමිණීමේ ගමන සංවිධානය කරගැනීමට සිසුන්ට හැකියාව ලැබේ.