සිඩ්නි සිට මෙල්බර්න් ආ ආසාධිතයා පැමිණි ගුවන් යානය / රැකියා ස්ථානය සියල්ල හෙළිවෙයි

සිඩ්නි නගරයේ සිට පැමිණීමෙන් පසු කොවිඩ් ආසාධිත ලෙස හඳුනාගත් වික්ටෝරියා ප්‍රාන්තවාසියා, වෛරස ආසාධිතයන් පොකුරක් බිහිවී ඇති උපන්දින සාදයටද සහභාගී වී ඇතැයි අනාවරණය වී තිබේ.

මෙම සාදයට 30 දෙනෙකු සහභාගී වී ඇති අතර ඉන් 13 දෙනෙකු මේ වනවිට කොවිඩ් ආසාධිතයන් බවට පත්වී අවසන්.

මෙල්බර්න් නුවර පදිංචිකරුවෙකු වන 60 හැවිරිදි මෙම තැනැත්තා පසුගිය ඉරිදා සිඩ්නි නුවර සිට මෙල්බර්න් දක්වා පැමිණ තිබුණා.

මේ අතර මෙම තැනැත්තා සේවය කල ආයතනය (Sandringham Dry Cleaners) මේ වනවිට Tier 01 ඝනයේ අවධානම් ස්ථානයක් ලෙස නම් කර තිබේ.

ගතවූ දින 03 තුල පහත වේලාවන් හිදී එහි සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට මුහුණදී දින 14 ක් හුදකලා විය යුතුයි.

Sandringham, Sandringham Dry Cleaners on 36 Bay Road, Sandringham on 21/06/2021 from 9.00am – 4.00pm

Sandringham, Sandringham Dry Cleaners on 36 Bay Road, Sandringham on 22/06/2021 from 10.00am – 3.00pm

Sandringham, Sandringham Dry Cleaners on 36 Bay Road, Sandringham on 23/06/2021 from 7.30am – 5.30pm

එමෙන්ම එම තැනැත්තා සිඩ්නි සිට මෙල්බර්න් දක්වා පැමිණ ඇත්තේ ජෙට් ස්ටාර් ගුවන් සේවයට අයත් යානයකින් වන අතර එහි ගමන් කල අයටද වහා පරීක්ෂණයකට යොමුවන ලෙසටයි දැනුම්දී ඇත්තේ.

Jetstar Flight JQ523 – SYD to MEL, Sydney Airport to Melbourne Airport (Tullamarine) Flight VIC 3045 on 20/06/2021 5.30pm – 7.05pm.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »