Search

වික්ටෝරියා ප්‍රාන්තයට ක්වීන්ස්ලන්ඩ් වෙතින් පණවා තිබු සීමා සියල්ල හෙට සිට ඉවතට

Annastacia Palaszczuk

වික්ටෝරියා ප්‍රාන්තය සමග තිබූ ප්‍රාන්ත සීමා සියල් හෙට (සිකුරාදා) අලුයම 01 සිට ඉවත් කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk නිවේදනය කලේ සති අන්තයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වාසීන්ට කිසිදු අවහිරයකින් තොරව වික්ටෝරියා ප්‍රාන්තයට ගමන් කල හැකි බවයි.

කෙසේවෙතත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග වන ප්‍රාන්ත සීමා තවත් දැඩි කිරීමටද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර ඇත.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ නිරෝධායන සීමා තවත් ලිහිල් වේ.

මෙල්බර්න් නාගරික කලාපය

  • නිවසින් බැහැරව වෙනත් ගෘහස්ථ ස්ථානයකදී මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතුය.
  • කිසිදු සීමාවකින් තොරව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප අතර සංචරණයට අවසර ලැබේ.
  • හිම බැලීම සහ හිම ක්‍රීඩා කිරීම සඳහා alpine කලාපයට යාමේදී පනවා තිබූ අනිවාර්ය කොරෝනා පරීක්ෂණය සිදු කිරීම ඉවත් කෙරේ.
  • තමන්ගේ දරුවන් ද ඇතුළුව එක් දිනකදී අමුත්තන් 15 ක ට නිවසකට යා හැකිය.
  • එළිමහනේ උපරිම පුද්ගලයින් 50 ක් දක්වා ඒකරාශී විය හැකිය.
  • aged care මධ්‍යස්ථාන සහ රෝහල් සඳහා එක් දිනකට උපරිම අමුත්තන් 5 ක් දක්වා පැමිණීමට හැකි නමුත් එක් වරකදී උපරිම පැමිණිය හැකි අමුත්තන් සංඛ්‍යාව 2 කි.
  • පාසල්, පෙර පාසල්, childcare මධ්‍යස්ථාන සහ family daycare සියල්ලම විවෘතය.
  • උසස් අධ්‍යාපනය ලබන සිසුන් නිවසේ සිට අධ්‍යන කටයුතු සිදුකළ යුතුය යන සීමාව ඉවත් කෙරේ.
  • හැකිනම් නිවසේ සිට සේවා හා රාජකාරී කටයුතු සිදුකළ යුතුය යන සීමාව ඉවත් කෙරේ.
  • පූර්ණ සේවක ධාරිතාවෙන් 75% ක් හෝ මුළු සේවකයින් 40ක් හෝ ඊට වඩා අඩු පිරිසක් සේවය කරන සේවා ස්ථාන සඳහා සේවකයින් 30 ක් දක්වා සේවා ස්ථාන වෙත ගෙන්වා ගත හැකිය.
  • සියලුම සිල්ලර වෙළෙඳ සැල් වලට පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමේදී වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය ක්‍රියාත්මක වේ.
  • සෑම වෙළෙඳ සැලකම QR code check-in එක අනිවාර්ය වේ.
  • භූමි ප්‍රමාණය අනුව පුද්ගලයන් 300 ක් දක්වා ගෘහස්ථව හා එළිමහනේ මංගල උත්සව සඳහා අවසර ඇත.
  • භූමි ප්‍රමාණය අනුව පුද්ගලයන් 300 ක් දක්වා ගෘහස්ථව හා එළිමහනේ අවමංගල උත්සව සඳහා අවසර ඇත.
  • භූමි ප්‍රමාණය අනුව පුද්ගලයන් 300 ක් දක්වා ආගමික ස්ථාන වල රැස්විය හැකිය.
  • වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ගෘහස්ථ ක්‍රීඩා මධ්‍යස්ථාන විවෘත කළ හැකිය.
  • වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ගෘහස්ථව උපරිම අමුත්තන් 25 කට කුඩා ප්‍රමාණයේ අවන්හල් සහ ආපන ශාලා විවෘත කළ හැකිය.
  • වර්ග මීටර 600 ට වඩා අඩු ස්ථානවල පුද්ගලයන් 150 ක උපරිම සීමාවක් දක්වා වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ අවන්හල් සහ ආපන ශාලා ක්‍රියාත්මක කළ හැකිය.
  • food courts සඳහා උපරිම පුද්ගල සීමාවක් නොමැති නමුත් වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ක්‍රියාත්මක විය යුතුය.