සිඩ්නි – වෙලිංටන් ගුවන් යානා 02 ක ගිය මගීන් පිරිසකට කොවිඩ්

සිඩ්නි සහ නවසීලන්තය වෙලිංටන් නගරය දක්වා ක්‍රියාත්මක වූ ගුවන් ගමන් 02 ක ගමන් ගත් මගීන්ට වහා කොවිඩ් පරීක්ෂණ වෙත යොමුවන ලෙස සෞඛ්‍ය අංශ දන්වා සිටී.

එම ගුවන් යානා තුළ ගමන් ගත් කිහිප දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගැනීම ඊඨ හේතුවයි.

අදාළ ගුවන් වාර 02 නම් :

QF163 (Qantas), 18 June 2021, Departed Sydney 7.05pm and arrived in Wellington New Zealand on 19 June at 12.12am.

NZ247 (Air New Zealand), 21 June 2021, Departed Wellington at 10.13am and arrived in Sydney at 11.33am.

එම ගුවන් යානා දෙකෙහි ගමන් ගත් මගීන් 1800 943 553 හරහා NSW Health අමතන ලෙසත් දින 14 ක් හුදකලා විය යුතු බවත් දැනුම්දීමක් සිදු කෙරේ.

මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සහ නවසීලන්තය අතර පැවති සංචාරක බුබුළ තාවකාලිකව අත්හිටුවා තිබේ.

පැය 72 කට එය අදාළ වන බව නවසීලන්තය කියයි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »