
ඔස්ට්‍රේලියාවට වර්තමානයේ අත්‍යවශ්‍ය යයි පෙනී යන නිපුණතා හෙවත් කුසලතා දෙස අවධානය යොමු කර නැගී එන වෘත්තීන් 25 ක් හඳුනාගැනීමට ජාතික නිපුණතා කොමිෂන් සභාව කටයුතු කර ඇත.
නැගී එන රැකියා/ වෘත්තීන් ඔස්ට්‍රේලියාවේ වාර්ෂික නිපුණතා රැකියා ලැයිස්තුවට ද ඇතුළත්වීමේ වැඩි ඉඩක් ඇත.
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික නිපුණතා රැකියා ලැයිස්තුව ජූලි හෝ අගෝස්තු වන විට එළිදැක්වේ.

ඒ අනුව නුදුරේදීම නිකුත් කිරීමට නියමිත ඔස්ට්‍රේලියාවේ වාර්ෂික නිපුණතා රැකියා ලැයිස්තුවට මෙම වෘත්තීන් සියල්ලම හෝ කොටසක් හෝ ඇතුළත් කිරීමේ ඉහළ සම්භාවිතාවක් පවතී.
- Data Analysts
- Data Scientists
- Data Engineers
- Data Architects
- Pricing Analysts
- Agile Coaches
- Devops Engineers
- Logistics Analysts
- Biostatisticians
- Nurse Liaisons
- Respiratory Therapists
- Digital Marketing Analysts
- Social Media Specialists
- User Experience Analysts
- Fundraisers
- Researchers
- Research Assistants
- Risk Analysts
- Regulatory Affairs Specialists
- Energy Auditors
- Compensation and Benefits Analysts
- Solar Installers
- Energy Efficiency Engineers
- Wind Turbine Technicians
- Hazardous Materials Labourers