අතුරුදන්වු “දිනේෂ්” සොයා ගැනීමට වික්ටෝරියා පොලිසිය සහය පතයි – AusLanka TV – Australian News for the Sri Lankan community

අතුරුදන්වු “දිනේෂ්” සොයා ගැනීමට වික්ටෝරියා පොලිසිය සහය පතයි

අතුරුදන්වු “දිනේෂ්” සොයා ගැනීමට වික්ටෝරියා පොලිසිය සහය පතයි

පසුගිය බදාදා සිට අතුරුදන්ව සිටින දිනේෂ් නම් පුද්ගලයෙකු සොයා ගැනීමට වික්ටෝරියා පොලිසිය මහජනතාවගෙන් සහය පතනවා.

37 හැවිරිදි මොහු පසුගිය බදාදා පස්වරු 03 යි 30 සිට අතුරුදන්ව සිටින අතර අවසන් වරට ඔහුව දැක ඇත්තේ Manor Lakes හි පිහිටි නිවසින් පිටත්ව යන අතරතුරදීයි.

දිනේෂ්, “DINSHA” ලෙස ලියාපදිංචි කර තිබූ කලු පැහැති Holden Captiva රථයක් පදවාගෙන ගොස් ඇත.

ඔහු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 8734 1100 අංකය මගින් Wyndham North පොලිස් ස්ථානය අමතන ලෙසටයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය ඉල්ලා සිටින්නේ.

 

Pic – VIC Police