
සැහැල්ලු බෑග් / බීම බට සහ ප්ලාස්ටික් හැඳි ගෑරැප්පු වැනි දෑ භාවිතය තවදුරටත් කපා හැරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සූදානම් වනවා.
ප්ලාස්ටික් භාවිතය හැකිතාක් අවම කිරීමයි එහි අරමුණ වන්නේ.
පරිසර සංවිධාන මීට ප්‍රසාදය පළකර ඇති අතර තවත් වසර 03 ක් බලා නොසිට අනෙක් ප්ලාස්ටික් වර්ගද තහනම් කල යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

යෝජිත නව සැළසුමට අනුව මාස 06 ක් ඇතුළත ප්ලාස්ටික් බෑග් භාවිතයෙන් ඉවත් වනු ඇති.
මාස 12 ක් ඇතුළත ප්ලාස්ටික් බීම බට – ප්ලාස්ටික් හැඳි ගෑරැප්පු සහ කොට්න් බඩ් භාවිතය අත්හැරිය යුතු වනවා.

ප්‍රාන්ත පරිසර අමාත්‍ය Matt Kean පැවසුවේ ඉවතලන ආහාර වැනි අපද්‍රව්‍ය බැහැර කිරීමට සෑම නිවසකටම ප්‍රතිචක්‍රීකරණ බඳුනක් සැපයීමටද පියවර ගන්නා බවයි.
මේ සඳහා වැයවනු ඇතැයි අපේක්ෂිත මුදල ඩොලර් මිලියන 336 ක්.
Pic Credit: MORGAN SETTE/AAPIMAGE