
වික්ටෝරියා ප්‍රාන්තයට බලපා ඇති ධාරානිපාත වර්ශාව සහ අධික ජල ගැලීම් හමුවේ තවත් පුද්ගල මරණයක් වාර්තා වී ඇත.
ඒ අනුව අයහපත් කාළගුණය නිසා සිදුවූ මරණ ගණන 02 ක් දක්වා ඉහළ යයි.
පසුගිය බදාදා සිට අතුරුදන්ව සිටි කාන්තාවකගේ සිරුර Glenfyne ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ තිබී මෙලෙස හමුවී ඇත.

ඊයේ දිනයේදීද මෙලෙසම ජල පහරට හසුවී මෝටර් රථයක් තුළ මියගොස් සිටි පිරිමි අයෙකුගේ සිරුර Gippsland ප්‍රදේශයෙන් හමුවිය.
වික්ටෝරියා ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාළගුණය නිසා කඩා වැටුණු ගස් 5800 ක් පමණ ඉවත් කරන ලෙස මේ වනවිට දුරකථන ඇමතුම් ලැබී ඇතැයි ආපදා සහන අංශ කියයි.

නිවාස ලක්ෂයකට පමණ තවමත් විදුලිය ඇණහිට ඇති අතර මාර්ග 100 ක් පමණ වසා දමා තිබේ.
Pic – AAP