Lockdown සීමා කඩ කර වික්ටෝරියා සිට NSW සහ ක්වීන්ස්ලන්ඩ් දක්වා ගිය කාන්තාවකට කොවිඩ්

Lockdown සීමා කඩ කරමින් වික්ටෝරියා ප්‍රාන්තයේ සිට නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් දක්වා ගමන් ගත් කාන්තාවකට කොවිඩ් වැළඳී ඇතැයි හෙළි වෙයි.

44 හැවිරිදි මෙම තැනැත්තිය පසුගිය ජූනි 01 වනදා සිය සහකරු ද සමග වික්ටෝරියා ප්‍රාන්තයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඇය මේ වනවිට ක්වීන්ස්ලන්ඩ් හි Caloundra හි නවාතැන් ගෙන සිටින අතර ඇය ඊයේ දිනයේදී ආසාදිත බව අනාවරණ කරගත් බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය  Yvette D’Ath සඳහන් කලේ.

ඇය NSW-Queensland ප්‍රාන්ත සීමාව පසු කර ඇත්තේ Goondiwindi හිදීයි.

ක්වීන්ස්ලන්ඩ් හිදී ඇය ස්ථාන රැසක ගමන් කර ඇති බවද සඳහන්.

  • Goondiwindi McDonald’s on June 5 between 7.35am-7.50am.
  • Caltex Toowoomba on June 5 between 11am-11.15am.
  • Sunny’s at Moffat Beach on June 6 between 2.45pm-3pm.
  • Coffee Cat at Kings Beach on June 6 between 3.30pm-4.30pm.
  • Stockland Caloundra, including Coffee Club and Kmart, on June 7 between 10.45am-11.30am.
  • Bunnings at Caloundra on June 7 between 12.10pm-12.45pm.
  • Kawana Shoppingworld on June 7 between 1pm-2pm.
  • Female toilets near Baringa IGA at Caloundra on June 8 between 3.50pm-4pm.

මෙම කාන්තාවගේ සමීපතමයන් 06 දෙනෙකු මේ වනවිට පරීක්ෂණවලට භාජනය කර තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »