Search

ඕස්ට්‍රේලියාවෙන් 2007 දී සොයාගත් නව ඩයිනෝසර් විශේෂය ලොව විශාලතම ඩයිනෝසර් විශේෂයන් අතරට

ඕස්ට්‍රේලියාවෙන් 2007 වසරේ දී සොයාගත් නව ඩයිනෝසර් විශේෂය ලොව විශාලතම ඩයිනෝසර් විශේෂයන් අතරට අයත් වන බවට විද්‍යාඥයින් අනාවරණය කර තිබේ.

‘ද සදර්න් ටයිටන් ‘ලෙස හැඳින්වෙන එම ඩයිනෝසර් විශේෂය ලොව පුරා මේ දක්වා හඳුනාගෙන ඇති විශාලතම ඩයිනෝසර්යන් අතරට අයත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම විශේෂය මීටර් 6.05ක් පමණ උසකින් සහ මීටර් 30ක පමණ දිගකින් යුක්ත වන අතර පැසිපන්දු පිටියක් තරම් විශාල සත්වයෙකු බව විද්‍යාඥයින් පෙන්වාදෙයි.

එම ඩයිනෝසර් සත්වයාගේ සැකිල්ලක් පළමුවරට ඕස්ට්‍රේලියාවේ ක්වින්සන්ලන්ඩ් ප්‍රාන්තයෙන් සොයාගෙන තිබුණි.

“සදර්න් ටයිටන්” ඩයිනෝසර් සත්වයා මීට වසර මිලියන 92ක් – 96ත් අතර කාලයකට පෙර වාසය කළ බවට විශ්වාස කෙරේ.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »