Search

ගැමි රස – නිව් ලංකා ඔස්ටේ‍රලියාවේ වෙසෙන ඔබ වෙනුවෙන් පූර්ණ සෞඛ්‍යාරක්ෂිතව නැවතත් සේවයට

කෙටි නිහැඩියාවකින් පසු සුපුරුදු ශ්‍රී ලාංකික රස සමගින් ගැමි රස හා නිව් ලංකා අවන්හල් ඔස්ටේ‍රලියාවේ වෙසෙන ඔබ වෙනුවෙන් නැවතත් සේවය ලබාදීමට පැමිණ තිබේ.

පූර්ණ සෞඛ්‍යාරක්ෂිතව නැවුම් ප්‍රණීත ආහාර යළිත් ඔබ වෙනුවෙන් සැපයීමට කැපවී සිටින බවයි ඔවුන් සඳහන් කලේ.

Cranbourne හි ගැමි රස අවන්හල පසුගිය 04 වනදා සිට නැවතත් පාරිභෝගික ඔබ වෙනුවෙන්ම විවෘතව පවතිනවා.

පහතින් දැක්වෙන්නේ ඔවුන් පූර්ණ සෞඛ්‍යාරක්ෂිතව අවන්හල පවත්වාගෙන යන ආකාරයයි.

ගමේ රසට… ගැමි රස…
19, Hotham Street,
Cranbourne, VIC 3977
P : 0359963217
ඒ වාගේම තමයි හෙට සිට New Lanka අවන්හලත් ඔබ වෙනුවෙන් විවෘතව පවතිනවා.
සියළුම සෞඛ්‍ය නීති අනුගමනය කරමින් සේවාදායකයන්ගේ ආරක්ෂාව උපරිම ලෙස තහවුරු කරමින් ඔබ වෙනුවෙන් හෙට (09) සිට සුපුරුදු ළෙන්ගතුකමින් හමු වන බවයි ඔවුන් පැවසුවේ.
“නොදන්වා පැමිණි කරදර අවස්ථාවේදි ඔබ සැමගෙන් ලැබුණු දයාබරත්වයට, සුහද වචනයට අපගේ ආචාරය පිරි නමමු. වස විස නැති පිරිසිදු කෑම අරන් යන්න වෙනදා වගේම ඔබගේ පැමිණීම අපේක්ෂා කරමු” 
ඔවුන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණා.
New Lanka Restaurant
262 Railway Parade
Noble Park Tel -97913203

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »