මත්ද්‍රව්‍ය ටොන් 3.7 ක් / ගිනි අවි 104 ක් සහ ඩොලර් මිලියන 45 ක මුදල් ෆෙඩරල් පොලිසිය සොයාගනී

ඔස්ටේ්‍රලියාව පුරා සිදුකල දැවැන්ත මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ටොන් 3.7 ක් / ගිනි අවි 104 ක් සහ ඩොලර් මිලියන 45 ක මුදල් සොයාගැනීමට ඔස්ටේ‍රලියානු ෆෙඩරල් පොලිසිය සමත්ව ඇත.

මෙහිදී චෝදනා 526 ක් මත සැකකරුවන් 224 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිළධාරීන් 4000 කට වැඩි පිරිසක් මෙම මෙහෙයුමට සහභාගී වී ඇත.

මෙම පිරිසගෙන් ලබාගත් තොරතුරු මත විදේශයන් හි සිටින තවත් සැකකරුවන් පිරිසක් රටට ගෙන්වා ගැනීමටද අගමැති ස්කොට් මොරිසන්ගේ රජය සූදානමින් සිටී.

මෙම කල්ලිය අපරාධ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ANØM නමින් ඇප් එකක් පවා නිර්මාණය කොට තිබූ බවයි වාර්තා වන්නේ.

Pic Credit: 7NEWS.com.au

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නවසීලන්තයේ කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට රන් පදක්කම් 3ක්

නවසීලන්තයේ පැවති කාය වර්ධන තරගාවලියකින් එරට සිටින ශ්‍රී ලාංකික තරුණයෙක් වන සුලාර ධනුක මාලිංග පදක්කම් රැසක් දිනාගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »