Arcare aged care මධ්‍යස්ථානයෙන් තවත් ආසාධිතයන් 02 ක් / එක් අයෙකු මාත්‍රා 02 ම ලැබූවෙක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අද පෙරවරුවේ නිවේදනය කල ආසාධිතයන් දෙදෙනාට අමතරවයි.

මෙල්බර්න් බටහිර ප්‍රදේශයේ Arcare Maidstone aged care මධ්‍යස්ථානයට සම්බන්ධ දෙදෙනෙකු මෙලෙස අද පස්වරුවේ ප්‍රකාශයට පත් කල කොවිඩ් ආසාධිතයන් අතරට අයත්.

මින් එක් අයෙකු එහි නේවාසිකයෙකු වන අතර ඔහුට ෆයිසර් එන්නතේ මාත්‍රා 02 ම ලබාදී ඇති බවද සඳහන්.

අනෙක් තැනැත්තා එහි හෙදියක වන අතර ඇයට එක් මාත්‍රාවක් පමණක් ලබාදී තිබෙනවා.

මේ අනුව ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සමාජයෙන් කොවිඩ් ආසාධිතයන් 04 දෙනෙකු සහ හෝටල් නිරෝධායනයෙන් 06 දෙනෙකු ලෙස ආසාදිතයන් 10 ක් සටහන් වෙයි.

Pic – AAP

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »