Victoria සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට $200 සංචාරක වවුචර් පත් 80,000 ක්

Regional Victoria කලාපයේ සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සඳහා සංචාරක වවුචර් පත් 80,000 ක් බෙදා හැරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

වැඩ බලන ප්‍රාන්ත අගමැති James Merlino නිවේදනය කලේ ඩොලර් 200 බැගින් වන වවුචරපත් මෙලෙස බෙදා හැරීමට නියමිත බවයි.

දැනට බිඳවැටී ඇති වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා ඩොලර් මිලියන 32.2 ක පැකේජයක් පසුගියදා හඳුන්වා දෙන ලදී.

මෙම සංචාරක වවුචර්පත් ක්‍රමය ක්‍රියාත්මක වන්නේද එහි එක් අධියරක් ලෙසයි.

කෙසේවෙතත් මෙල්බර්න් නාගරික කලාපයට පණවා ඇති Lockdown තත්වය ඉවත් කිරීමෙන් පසු මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇතැයිද වාර්තා වනවා.

මෙල්බර්න් Lockdown තත්වය ඉවත් කිරීමට නියමිතව ඇත්තේ ලබන 10 වනදා මධ්‍යම රාත්‍රියේයි.

Pic Credit: Harry Thomson/7NEWS.com.au

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »