ඩිල්ශාන් නායකත්වය දරන Mulgrave ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ධුරය සනත් ට

වික්ටෝරියා හි Mulgrave ක්‍රිකට් සමාජය විසින් 2021/22 කාලසීමාව සඳහා සිය ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය පත් කර තිබේ.

ටෙස්ට් තරග 110 කට ක්‍රීඩා කර ඇති ඔහු ළකුණු 340 ක වැඩිම ළකුණු ප්‍රමාණයක් මෙන්ම සාමාන්‍යය ලෙස ළකුණු 40 ක් පවත්වා ගත්තෙකි.

එක්දින තරග 445 කට ජයසූරිය ක්‍රීඩා කර ඇත.

1996 දී ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයගත් අවස්ථාවේදී තරගාවලියේ වීරයා වූයේද ඔහුයි.

සනත් ජයසූරිය සිය ක්‍රීඩා සමාජයේ සේවයට පැමිණීම සම්බන්ධයෙන් අතිශය සතුටට පත්වන බවයි Mulgrave ක්‍රිකට් සමාජය නිවේදනය කලේ.

2021/22 තරග සමය සඳහා Mulgrave ක්‍රිකට් සමාජයේ නායකයා ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා තවත් විශිෂ්ටයෙකු වන ටී එම් ඩිල්ශාන්.

Pic – Mulgrave Cricket Club

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »