
ඉතා සීඝ්‍රයෙන් පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා.
එය මීට පෙර ප්‍රාන්තයෙන් හමුවූ කිසිදු ආසාධිතයෙකුගෙන් වාර්තාවූවක් නොවන බවයි වික්ටෝරියා ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී බ්‍රෙට් සට්න් සඳහන් කලේ.
NSW හි Jervis Bay හි සංචාරය කල බටහිර මෙල්බර්න් ප්‍රාන්තවාසියෙකුගෙනුයි මෙම වෛරසය එය සොයාගෙන ඇත්තේ.

නව ප්‍රභේදය කුඩා ළමුන් අතර පැතිරීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවද බ්‍රෙට් සට්න් කියා සිටියා.
මෙය ඉන්දියාවෙන් හෝ මහා බි්‍රතාන්‍යයෙන් වාර්තා වී නොමැති ප්‍රභේදයක්ද වනවා.

එමෙන්ම හෝටල් නිරෝධායනයේ සිටියදී කොවිඩ් ආසාධිතයන් ලෙස හමුවූ කිසිවෙකුගෙන්ද මේ දක්වා මෙම නව වෛරස ප්‍රභේදය වාර්තා වී නොමැති බවත් වික්ටෝරියා ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී බ්‍රෙට් සට්න් සඳහන් කලා.