ඔස්ටේ්‍රලියානු විද්‍යාඥයන් ඉඳිකටුව නැති එන්නතක් නිපදවීමේ සූදානමක

වේදනා රහිත එන්නතක් නිපදවීම සඳහා ඔස්ටේ්‍රලියාවේ සන්ෂයින් කෝස්ට් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් මුල පුරා තිබේ.

සාමාන්‍ය එන්නතක ඇතුළත් ඉඳිකටුවක හැඩය ගත් කොටස මෙහි නොවීම විශේෂත්වයක්.

සරම්ප සහ රුබෙල්ලා රෝගවලට අදාළව පළමු අත්හදා බැලීම් සිදුකෙරෙන අතර එය සාර්ථක වුවහොත් ඉන්ෆ්ලුවෙන්සා සහ කොවිඩ් වැනි රෝග සඳහාද මෙම වේදනා රහිත එන්නත් යොදා ගැනීමට අපේක්ෂිතයි.

මේ යටතේ කුඩා උපකරණයකින් විනාඩියක පමණ කාලයක් පුරා සම තෙරපුමකට ලක් කෙරෙන අතර කිසිදු පැල්ලමක් හෝ සලකුණක් සමෙහි ඉතිරි නොවීමද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ගම්මානයක් ශ්‍රී ලංකාවේ

නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ගම්මානය තුළ සිදු කෙරෙන ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

Read More »

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වයස 35 ඉක්මවූ පශ්චාත් උපාධි අපේක්ෂකයින්ට ෆෙඩරල් රජයෙන් උපදෙසක්

ටෙම්පරි ග්‍රැජුඒට් වීසා (Temporary Gratuate visa) කාණ්ඩය යටතේ පැනවූ නව සීමා හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වන ජාත්‍යන්තර සිසුන්ට වෙනත් සුදුසු වීසා කාණ්ඩයක් තෝරාගන්නා ලෙස ෆෙඩරල් රජය උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඩොලර් 100 නෝට්ටුව ගැන ජනතාවට දැනුම්දීමක්

විදෙස් රටකදී ඔස්ට්‍රේලියානු ඩොලර් 100 නෝට්ටුවක් මාරු කිරීමට යාමේදී සිදු වූ අපහසුතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියා සංචාරකයෙකු විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »