Search

බලු ඉවෙන් කොවිඩ් රෝගීන් හඳුනා ගන්න පුළුවන්ලු

පුහුණු සුනඛයෙකුට ඉවෙන් යමෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති දැයි හඳුනාගත හැකි බව බ්‍රිතාන්‍යයේ කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ඒ අනුව කොවිඩ්-19 සටනේදී සුනඛයන්වද ආසාදිතයන් හඳුනා ගැනීමට යොදාගත හැකි බව විද්‍යාඥයෝ පවසයි.

ලන්ඩන් සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලය සහ ඩර්හැම් විශ්ව විද්‍යාලය අතර සහයෝගීතාවයෙන් වෛද්‍ය හඳුනාගැනීමේ පුහුණු සුනඛයන් පිරිසක් යොදාගෙන සිදුකළ මෙම අධ්‍යයනයේ පළමු අදියර සම්පූර්ණ කළ බව විද්‍යාඥයෝ පවසයි.

ඒ අනුව වයස අවුරුදු 04 සිට 06 දක්වා වූ පුහුණු සුනඛයන් 06 දෙනෙකු මෙම අධ්‍යයනයට සහභාගී වී ඇත.

මෙම කණ්ඩායමට ලැබ්‍රඩෝ, ගෝල්ඩන් රිට්‍රීවර් සහ කොක(ර්) ස්පැනියල් යන වර්ගවල සුනඛයන් අයත් වී ඇති අතර සති 06 සිට 08 දක්වා පුහුණුවීමෙන් පසු කොවිඩ්-19 ආසාදනය වී ඇතිදැයි ඉව කිරීමෙන් හඳුනා ගැනීමට සුනඛයන්ට හැකි වූ බව පර්යේෂකයෝ පවසයි.

ඒ අනුව මෙම අධ්‍යනයේ මුල් ප්‍රතිඵල පූර්ව මුද්‍රිත අධ්‍යයනයකින් ප්‍රකාශයට පත් කර ඇති නමුත්, මෙය තවදුරටත් සමාලෝචනයක් ලෙසින් හෝ වෛද්‍ය සඟරාවක ප්‍රකාශයට පත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »