ශ්‍රී ලංකා නාවික නිලධාරියෙකුට අමෙරිකානු ජනපති අතින් ගෞරව උපාධියක්

අමෙරිකාවේ වෙරළාරක්ෂක ඇකඩමියෙන් සමුද්‍රීය වාස්තුවිද්‍යා සහ සමුද්‍රීය ඉංජිනේරු ගෞරව උපාධියක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපලුතිනන්වරයෙකු වන විශ්ව ෆොන්සේකා සමත්ව තිබේ.

ඔහු තම උපාධිය ලබා ගත්තේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා අතිනි.

කනෙක්ටිකට් හි නිව් ලන්ඩන් හි එක්සත් ජනපද වෙරළාරක්ෂක ඇකඩමි 140 වන ආරම්භක අභ්‍යාසය මෙලෙස පැවැත්විණ..

2015 වසරේ ජූනි 03 වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදවට එක්වූ ඔහු මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »